ප්‍රසන්නගේ බරපතළ වැඩසහිත සිරදඬුවමේ අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම ඇතුළු කටයුතු ඉටු කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 640ක් මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැ යි පැවරූ නඩුවකට වැරදිකරු වූ ඇමැති ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය මැයි 22 දක්වා කල්තබා තිබෙනවා.

උක්ත නඩුවේදී ඇමැතිවරයාට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවමක් නියම කළ අධිකරණය එය වසර පහකට අත්හිටවනු ලැබුවා. එයට අමතරව රුපියල් ලක්ෂ 250ක දඩයක්ද පැනවීමට තීන්දු කෙරුණා.

කොළඹ මහාධිකරණය විසින් තමාට ලබා දුන් එම තීන්දුව නීතියට පටහැණි බව කියමින් තමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඇමැතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පෙත්සම් විභාගය කල් තබනු ලැබ ඇත්තේ මෙම පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයෙකු අද දින සහභාගි නොවීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles