ජනපති වෙන්න නම් පොහොට්ටුවේ ආශිර්වාදය ඕනෑ : මහින්ද

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය ලබන අපේක්ෂකයා නිසා ජය ලබන අපේක්ෂකයා සිටින තම පක්ෂය සමඟ ගමනකට අත්වැල් බැඳ ගන්නැයි හිටපු ජනපති එම පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඊයේ මැයි රැලියට එක් වෙමින් පැවසුවා.

මෙම මැයි රැලියෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවයි හිටපු ජනපතිවරයා පැවසුවේ.

ඊළඟ ජනාධිපතිවරණෙයෙන් පසුව මේ රට ගමන් කරන්නේ කොතනටද යන තීන්දුව පිළිබඳව අද සිට ජනතවා දැනුවත් කිරීම ආරම්භ කරන බවත් ඉතිහාසයේ වැඩියෙන් වැරදි කළ, මේ රටේ අනාගත නැති කළ මිනිසුන්ගෙන් අපහාස විඳගෙන ඔවුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනපතිවරයා එහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles