මාලිමා ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ගැන අනුරගෙන් හෙළිදරව්වක්

ජාතික ජනබලවේගය විසින් නුදුරේදී පිහිටුවන ලබන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

එම ඇමැති මණ්ඩලයට අයත් වන්නේ 25 දෙනෙකු පමණක් බවයි ඔහු පවසන්නේ. ඒ වෙනුවෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ද 25 දෙනෙකු පත් කරන බව කී ඔහු ජනපතිවරණයෙන් ජයගත් දිනට පසු දින තමා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද කියා සිටියා.

මේ පිළිබඳ ඔහු අදහස් පළ කළේ, එම පක්ෂයේ කොළඹ පැවැති රැළිය ආමන්ත්‍රණය කරමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles