සැමියා සමඟ අමනාපයෙන් බිළිඳිය ඝාතනය කරලා

කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී බිළිඳු මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දැරියගේ පියා, තමා සහ දැරිය පිළිබඳව සොයා නොබැලීම නිසා මානසික ආතතියෙන් පෙළුණු මව විසින් ඊයේ (02) අලුයම බිළිඳිය නිවස පිටුපස ළිඳට දමා ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාස දෙකහමාරක පමණ වයසැති බිළිඳියක් වන අතර ඇය යම් අසනීප තත්ත්වයකින් පසු වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 32ක් වූ දැරියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles