අත්බෝම්බයක් ගත් පියා දරුවෝ ප්‍රාණ ඇපයට අරන් : ජල්තර ජල්තරයක්

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින බිරිය ඝාතනය කිරීමට ඊයේ (05) දින සවස අත්බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනා  ප්‍රාණ ඇපයට තබා ගෙන සිටියා. පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

අත්බෝම්බයක් සමගින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයේ අගුලු ඉවත් කර සිටි පුද්ගලයා සමග සාකච්ඡා කරමින් එම අත්බෝම්බය යළි අගුලු ලෑමට බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක දැඩි වෙහෙසක් ගත් බව පැවසෙනවා.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බලධාරීන් පැය නවයක් තිස්සේ සැකකරු සමග සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කළ සිටියේ සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණෙන ලෙසයි.

එහෙත් එම ඉල්ලීම් වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එක්වරම මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles