මන්නා රමේෂ් ඩුබායි රටෙන් කුදලාගෙන එයි

ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිත බව වාර්තා වෙනවා.

ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවා.

මෙකියන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදී බව වාර්තා වුණා.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles