ආසියානු කුසලානය දෙරටක?

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ යන රටවල් දෙකේ දී ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාකිස්තානය තරග හතරකට සත්කාරකත්වය දරන අතර ඉතිරි තරග නවය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින් ද්විපාර්ශික සබඳතාවල අර්බුදය මෙයට හේතු වී ඇතැයි කියැවෙනවා. ආසියානු කුසලානය මේ වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත්වෙන බව එම කවුන්සිලය නිවේදනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles