පොලිසිය නැවත බාල්දු වෙයි : ICCPR යටතේ නඩු දැමූ රසීක් නිදොස් කොට නිදහස්!

මාර්ගගත ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත නම් පණතක් ගෙන එමින් සමාජ මාධ්‍ය වාරණය කිරීමට ආණ්ඩුව කැසකවමින් සිටින මොහොතක තවත් ඓතිහාසික තීන්දුවක් මෙරට අධිකරණය විසින් ලබා දී තිබෙනවා. ඒ (2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය) ICCPR පණත අවභාවිතා කරමින් පැවරූ නඩුවකින් සැකකරුවකු නිදොස් කොට නිදහස් කිරීම තුළින්.

වසර 3ක් තිස්සේ අධිකරණයේ දිග්ගැසුණු නඩුවකදී නීතිපතිවරයා විසින් රම්සි රසීක්ට විරුද්ධව නඩු පවරා තිබුණේ ICCPR පණත මගින්. නමුත් 21 වැනි දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව නිදහස් කරනු ලැබුවේ එල්ල කරනු ලැබූ චෝදනාවලට අදාළ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ෆේස්බුක්හි පළ කරන ලද සටහනක් නිසා රම්සි අත්අඩංගුවට ගැනුණේ 2020 අප්‍රේල් මාසයේදී යි. එම වකවානුව මෙරට ජාතිවාදය ඉතා මුවහත්ව තිබූ කාලයක් බවයි රම්සි පසුව අදහස් දක්වමින් කියා සිටියේ. මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරවමින් සිටි කාලයක ඔහු අත්අඩංගුවට පත් වුණා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ශාරීරික තාඩන පීඩනවලටද ලක් වූ බව ඔහු පවසා තිබෙනවා. මෙවැනි සිදුවීමකට මුහුණ දෙන අයෙකුට මුහුණ දෙන්නට සිදුවන මානසික පීඩනයද ඉතා බරපතළ වෙනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අදහස වන්නේ රම්සි සිය මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් මෙම පණත අවභාවිතා කිරීමේ ඉදිරි අවස්ථා නැති කිරීමට එය ඉවහල් වෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles