රේගුවට හොරෙන් වාහන 400ක් ගෙන්වා ලියාපදිංචියෙන් බිලියන ගාණක් වංචා කරලා: ජාවාරමුන් කොටු වෙති

රජයට බරපතළ පාඩුවක් සිදු කරමින් රේගු නිෂ්කාශණයකින් තොරව වාහන 400කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමේ ජාවාරමක් කොටු කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමත්ව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

KE 3845 අංකයෙන් ලියාපදිංචි කර තිබූ මෝටර් රථය හරහා මෙකී ජාවාරමේ සුලමුල හෙළි කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

නීතිවිරෝධී ලෙස ආනයනය කර රේගුව මගහැර තවත් වාහන 400ක් පමණ ලියාපදිංචි කර ඇති බවත් ඉතා සංවිධානාත්මකව දීර්ඝ කාලයක් පුරා මෙම ජාවාරම කරගෙනවිත් තිබෙන බවත් පැවසෙනවා. රජයට දළ වශයෙන් මේ හරහා රුපියල් බිලියන 5කට ආසන්න අලාභයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles