මන්නා රමේෂ් ඩුබායි පොලිසියෙන් අල්ලයි

පාතාල කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙන බවයි සඳහන් වන්නේ.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි “මන්නා රමේෂ්” නමැත්තා ඩුබායි හි සැඟව සිටින බව අණාවරනය වී මෙන් ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles