මහමැතිවරණයක් දෙන්නම බෑ රනිල් බැසිල්ට කියයි

කොළඹ ජනපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ පැමිණි පසු කරන දෙවැනි සාකච්ඡාව ලෙසින්.

මෙම හමුවේ දී ඉදිරි මැතිවරණ සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ජා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබුණා. මෙහිදී දෙවැනි වතාවටත් බැසිල් රාජපක්‍ෂ අවධාරණය කර ඇත්තේ මහ මැතිවරණයක් පැවත්වීම මේ මොහොතේ රටට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන්ගේ පෙර ස්ථාවරයම දරා ඇති අතර සාකච්ඡාවද අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරව බවයි අනාවරණය වන්නේ.

මහමැතිවරණයක් පළමුව ලබා ගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ රාජපක්ෂ කණ්ඩායම ඉතා ප්‍රබල උත්සාහයක් ගනිමින් ඉන්නා බව අප පසුගිය දා වාර්තා කළා. එම උත්සාහයේම දිගුවක් ලෙසයි මෙම ඉල්ලීමද ඉදිරිපත්ව ඇත්තේ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තුව සඵල නොවන බවයි දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles