රාජ්‍ය බැංකුවලටත් IMF – ලෝක බැංකු බැල්ම වැටෙයි

ජා.මූ.අරමුදල සහ ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති පරිදි රාජ්‍ය බැංකුවල ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වෙනවා.

එම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍ය ලෙසින් ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී අවසන් බව සඳහන් වුණා.

රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි පාලනය අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවන් නිසා පසුගිය කාල සීමාව තුළ පැවැති ආර්ථික අර්බුදයේදී එම බැංකු දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත්, එවැනි දුර්වලතාවන් නැවත ඇතිවීම වැලැක්වීම පිණිස ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු බවත් ජා.මූ. අරමුදල සහ ලෝක බැංකුව පෙන්වා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයෙන් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles