50 දෙනෙකුගේ ජීවිත බේරාගත් නාවලපිටිය ඩිපෝවේ අවුරුදු කුමාරයා

නාවලපිටිය දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුගිය 9 වැනිදා අනතුරකට ලක් වුණා. එහි එම අවස්ථාවේදී පාසල් ළමුන් ඇතුළුව මගීන් 50ක් පමණ ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.

නාවලපිටිය ඩිපෝවට අයත් බස් රථය ධාවනය කරමින් සිටින විට බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසී තිබුණා. ඒ සමගම රියදුරුගේ පාලනයෙන් බසය ගිලිහී ගොස් ඇති අතර ගමන් ගත් මාර්ගයේ අනෙක් පස පිහිටා තිබුණේ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක්.

කල් යල් බලා විචක්ෂණ ලෙස කටයුතු කළ රියදුරු විසින් බස් රථය ප්‍රපාතයට වැටීම වළකා ගනිමින් වැර වෑයමෙන් අනෙක් පස කන්දේ ගැටීමට සලස්වා තිබෙනවා.

එයින් රියදුරු තුවාළ ලැබුවද ජීවිත ගණනාවක් බේරා ගැනීමට ඔහුට හැකි වුණා. මගීන් පස්දෙනෙකු සහ සිසුන් තිදෙනෙකු රියදුරු සමගින් රෝහල්ගත කළ බවයි වාර්තා වන්නේ.

සිංහල-දෙමළ අවුරුදු මුවවිටේ දිවි පරදුවට තබා අහිමිවන්නට ගිය දිවි ගණනාවක් බේරූ රියදුරු වෙත ප්‍රණාමය හිමි විය යුතු යි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles