මෙරට ආර්ථිකය ගැන නව පුරෝකථනයක්

2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනයකින් පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ දී මෙරට ආර්ථිකය 1.9% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

2025 වසරේ දී මෙරට ආර්ථිකයේ 2.5%ක වර්ධනයක් පුරෝකථනය කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නා 2023 වසරේ සිට මෙරට ආර්ථිකය ප්‍රකෘති වීමේ ලකුණු දැක්වූ බවයි. උද්ධමනය ද තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

සංචාරක පැමිණීම් සහ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ද අගය කළ යුතු තත්වයක ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles