කරාපිටිය රෝගීන්ට සහනයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතෙන් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම ඊයේ (24) සිදු කර තිබුණා.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT ස්කෑන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී තිබෙනවා.

එමඟින් දිනකට CT ස්කෑන් පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබයි.

ඉදිරියේදී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදුකිරිමට හැකිවනු ඇති බවත් මේ හරහා දැනට CT ස්කෑන් පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 100ක වෙන් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles