විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාවක්

විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

එය මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන දත්ත මත පදනම්ව නව ගාස්තු තීරණය කරන බව ඔවුන් දැනුම් දෙනවා.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය එහි වියදම් ගණනය කිරීමේ යෝජනාවක් සකස් කරමින් සිටින බැවින් විදුලි ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන දිනය තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියා.

ජනතාවට දැනෙන ප්‍රමාණයකින් ගාස්තු අඩු කිරීමට යෝජනා කරන අතර කොමිසමේ එකඟතාවය මත මෙම විදුලි සහනය ලබාදීමට නියමිත බවද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පසුගිය දා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles