ලෝක බොරතෙල් මිලේ වෙනසක්

පසුගිය දිනවල පහළ යමින් තිබූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (06) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ් අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 0.24% කින් ඉහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 83.19ක් ලෙස වාර්තා වෙනවා.

තවද WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78.39ක් ලෙස වාර්තා වන අතර එහි මිල ඉහළ ගොස් ඇත්තේ 0.32% කින්.

ගාසා තිරයේ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාම සාකච්ඡාවලදි එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මීට හේතුව බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය කාලයේ පැවති සාම සාකච්ඡා හේතුවෙන් ලෝක බොරතෙල් මිලේ විශාල අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් තුර්කියේ පැවති සාකච්ඡාවලදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් හමාස් සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණු අතර බොරතෙල් මිල ඉහළ යාමට එයද හේතුවක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ලබන ජූනි මාසයේදි ආසියාවට,වයඹදිග යුරෝපයට සහ මධ්‍යධරණි කලාපයට අලෙවිකරන බොරතෙල්වල මිල ඉහළ දමන බවට සෞදි අරාබිය නිවේදනය කිරීමත් ඉන්ධන මිල ඉහළ යාමට හේතුවක් බවයි දැනගැනීමට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles