ඇස්ට්‍රාසෙනකා එන්නත ගැන අසුබ පුවතක් – බොහෝ දෙනෙක් මිය ගිහින්!

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවූ ඇස්ට්‍රාසෙනකා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් අනතුරුව අතුරු ආබාධ හටගන්නා බවට තහවුරු වීමත් සමඟ ලොව පුරා බෙදා හරිනු ලැබූ එම එන්නත් තොගය ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවනු ලැබුවා.

ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වීමෙන් මරණයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනකා සමාගම එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බව සඳහන් කරනවා.

මෙම එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමින්. එය නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම‘කොවිෂීල්ඩ්’ එන්නත් බව වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles