සක්විති ලක්ෂ 50ක දෙවැනි වාරිකයත් ගෙවයි

නීතිවිරෝධී මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එම මුදල් ආපසු ගෙවන ලෙස අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අධිකරණයේ අද තැන්පත් කරනු ලැබුවා.

උක්ත චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වංචා කළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වු කොටස් 20කින් ගෙවීමට මීට පෙර අවස්ථාවක අධිකරණය නියම කරනු ලැබුවා.

2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මූල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 16 41 85 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මූල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles