සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව විහිළුවක් – ගජේන්ද්‍ර පොන්නම්බලම්

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙමළ සමාජයෙන් විවිධ අදහස් පළ වුණා.

මෙම කොමිෂන් සභාව විහිළුවක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ සාකච්ඡාවකට එක් වෙමින් පවසනවා.

මේ මගින් සත්‍යය හෙළිදරව් කිරීමට කිසිදු වෑයමක් නොගන්නා බවත් එය තත්වය වසං කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කරනවා. වගවීම සම්බන්ධයෙන් බැරූරුම් ලෙස ගන්නා දෙමළ නායකයන් එය එකහෙළා ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා සිතන බව ඔහු එහිදී පවසනවා.

මෙවැනි කොමිෂන් සභා පිහිටවූවද සැලකිය යුතු දෙයක් නොවෙන බවයි ඔහු චෝදනා කරන්නේ. 2016 පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඔහු උදාහරණයක් ලෙස දක්වා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles