උත්ථානයේ මංගල්‍යය – පාස්කු ඉරිදා දිනය අදයි

කිතු බැතිමතුන් මහත් භක්තියෙන් ස්මරණය කරන පාස්කු දිනය අද (31) ට යෙදී තිබෙනවා.

දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව කිතුනුවන් විශ්වාස කරන යේසුස් වහන්සේ සකල ලෝ වර්ගයා පාපයෙන් ගලවා ගැනීම උදෙසා කුරුස ගස තුළ සිය ජීවිතය පුදා හළ පසු දින 3කින් උත්ථානය ලැබීම සිදු වූයේ පාස්කු දිනයේ බවයි සැලකෙන්නේ.

මෙරට කිතු දේවස්ථානවල ඉතා උත්කර්ෂයෙන් මෙය සමරනු ලබනවා.

ඒ අතර සියලු දෙව් මැඳුරුවල අද පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්වලදී වසර 5කට උඩදී මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙස විශේෂ යාඥා පැවැත්වීමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles