රසෝඝ සිනමාවක සිහිනය කැන්දන “ෆාදර්”

ප්‍රකට කලාකරු චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය “ෆාදර්” සිනමාපටයේ මුහුරත් උළෙල අප්‍රේල් 6 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වනු ලැබිණි. සමකාලීන ලාංකේය සිනමාවේ ප්‍රකට නළු නිළියන් සියයකට වඩා රංගනයෙන් එක්වෙන මෙම සිනමාපටයේ එදින පැවති මුහුරත් උළෙල වෙනුවෙන්, සෞම්‍ය ලියනගේ, පූජන දන්දෙණිය, දිල්හානි ඒකනායක, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, සරත් කොතලාවල, අනුෂ්කි ප්‍රේමරත්න, ජගත් මනුවර්ණ, සුරාජ් මාපා, සේවියර් කණිෂ්ක, අංජන ප්‍රේමරත්න, කෝරළගේ සමන්, චමින්ද බටුකොටුව, ජනක රණසිංහ ඇතුළු ජනකාන්ත කලාකරුවන් රැසක් සහභාගි විය.

“ෆාදර්” සිනමාපටයේ තිරපිටපත චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න සහ ප්‍රීතික හේවාපතිරණ, වේශ නිරුපණය – ප්‍රියන්ත එස් වන්නිනායක , සංගීතය – චින්තක ජයකොඩි , දෙබස් – විමල් කැටිපේආරච්චි , ගීත රචනා – විමල් කැටිපේආරච්චි සහ අනූශා සිවලිංගම් ,සහය අධ්‍යක්ෂණය – උදය ප්‍රසන්න , නිශ්පාදන කළමනාකරු -රොනිත් අදිකාරි , නිෂ්පාදන සැලසුම්කරණයෙන් ධම්මික හේවාදුවත්ත‍, රංග වස්ත්‍ර නිර්මාණයෙන් සවන් පවිත්‍ර එක් වෙන මෙහි අර්ථපතිත්වය ආචාර්ය ශාන්ත ගීතදේවගෙනි.

සිංහල සිනමාවේ මැකී ගිය රසෝඝය යළි කැන්දන “ෆාදර්” සිනමාපටයේ රූගත කිරීම් අප්‍රේල් මස අගදී ඇරඹෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles