වනිඳු ගැන අසුබ ආරංචියක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඔහුගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය හේතුවෙන්.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහුගේ දායකත්වය අවශ්‍ය වන බැවින් වනිඳු හට පූර්ණ විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර ඇති බව සඳහන්.

ඔහු IPL තරගාවලිය සඳහා සහභාගි නොවන බවට මේ වනවිටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ආබාධය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඩුබායි වෙත ගොස් සිටින වනිඳු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles