අතිශය පෞද්ගලික වීඩියෝ  පතුරුවන්න එපා: JR නඩු දමයි

තමන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ බිම්බා නමැත්තිය සමඟ පැවැති අතිශය පෞද්ගලික සබඳතාවලට අදාළ වීඩියෝ දර්ශන මීමැස්සෝ ටී.වී. නම් වූ යූටියුබ් නාලිකාව ඔස්සේ හෝ කවිශ්වර ගුණරත්න නමැත්තා විසින් පවත්වාගෙනු ලබන වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

මීමැස්සෝ ටී.වී. නැමැති යූටියුබ් නාලිකාව ඔස්සේ අතිශය පෞද්ගලික දර්ශන මේ වනවිටත් අන්තර්ජාලයට මුදාහැර ඇති බැවින් ඉන් තමන්ගේ කීර්ති නාමයට සිදුවන හානියද පෙර කී වගඋත්තරකරුවන් දෙදෙනාගෙන් රු. බිලියනය බැඟින් වන්දි හා නඩු ගාස්තු අයකර ගැනීමට තීන්දුවක් නිකුත් කරන ලෙසත් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රකාසම් නමට ගොනු කර ඇති බව පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

මේ අතර මෙම නඩුව අසා නිම කරන තෙක් පෙත්සමේ සඳහන් කර ඇති වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීම වළක්වමින් වගඋත්තරකාර කවීෂ්වර ගුණරත්න හා ගයාත්‍රී බිම්බා වෙත කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඊයේ (18දා) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි යැවීමට ද දිසා විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles