වතු කම්කරු වැටුප් ඉහළ දමනවා : සමන් රත්නප්‍රිය

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කර තිබෙනවා.

ඒ නමුත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැති බවයි අනාවරණය වන්නේ.

කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරියේදී ඉහල දමන බව නිශ්චිත වශයෙන්ම කිව හැකියැයි ද රත්නප්‍රිය වැඩි දුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles