දුප්පතුන්ට ගෙනා සහල් මල්ලෙනුත් හොරකම් කළ හැටි

අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ
වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබෙනවා.

එවැනි පවුල් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක්  සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදු කරමින් සිටිනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම මෙහිදී සිදුවෙනවා.

මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන නමුත් තංගල්ල, නෙටොල්පිටිය, වැලිපැන්න, ලාලිතපුර ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ට සහල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවූ බවයි.
ඒ අනුව රුපියල් 20 සිට රුපියල් 150 දක්වා විවිධ ප්‍රමාණයෙන් මුදල් ගෙවීමට ඔවුන්ට සිදුව ඇති බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල් තොගවල ආරක්ෂාවට සිටි පුද්ගලයාට ගෙවීම සඳහා ජනතාවගෙන් මෙලෙස මුදල් එකතු කර ලබාදී ඇති බවට වාර්තා වූ බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අතර කන්තලේ ප්‍රදේශයේ මෙසේ බෙදා දීමට ගෙනා සහල් මිටි 20ක් කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇති නිසා කන්තලේ පොලීසිය පැමිණ අදාළ ස්ථානයේ විමර්ශන කටයුතු සිදු කරනවා.

මේ අතර හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඊයේ ලබාදුන් සහල් පරිභෝජනයට නුසුදුසු බවට ජනතාව චෝදනා කරනවා.

මෙම සහල් අම්පාර ප්‍රදේශයේ සහල් මෝලක් විසින් ලබාදී තිබු අතර එම මළුවල කල්ඉකුත් වූ දිනය මත තවත් දිනයක් සහිත ලේබලයක් අලවා තිබූ බවද ජනතාව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles