පොලිස් පරීක්ෂක ඝාතනය: ඔත්තු බැලූ අයෙක් දැලේ

හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් වන බාලේන්ද්‍ර අය ඝාතනය කළේ දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් බව පසුගිය කාලයේ පැවසුණා. ඒ සඳහා ඔත්තු බැලූ බව කියන පොඩි සුදූ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි ඔත්තුකරු අයිස් මත්ද්‍රව්‍යද සමඟ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්බලන්ගොඩ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් බවයි පැවසෙන්නේ.

මොහු විසින් පසුගිය වසරේ 10.09 දින අම්බලන්ගොඩ සිට රත්ගම දක්වා යතුරුපැදියකින් ගමන් කළ ඝාතනයට ලක් වූ නිලධාරියා පසුපස තවත් යතුරුපැදියකින් ගමන් කර ඔත්තු සැපයූ බවයි හෙළිදරව් වී ඇත්තේ. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” යන අයට ජංගම දුරකතනයෙන් මෙලෙස ඔත්තු සපයා තිබුණා.

කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය සම්බන්ධයෙන් කටයුතු කළ බව පැවසුණ පොලිස් පරීක්ෂකවරයාගේ ඝාතනය පොලිස් දෙපාර්තමේන්තුවද කැළඹීමට ලක් කළ සිදුවීමක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles