පික්පොකට් ගැසූ පොලිස් කාන්තාවක් අත්අඩංගුවට

මහනුවර ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි සැලකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගත් පොලිස් කොස්තාපල්වරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර මූලස්ථාන පොලිසිය විසින්.

මුදල් පසුම්බිය හිමි කත පසුගිය දිනක අත් බෑගය තබා ඇඳුමක් පරීක්ෂා කර පැමිණ බලන විට බෑගයෙන් මුදල් පසුම්බිය අතුරුදහන් වී තිබෙනවා. ඇය වහාම මේ පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කළ බවයි දැක්වෙන්නේ.

CCTV කැමරා පරීක්ෂාවකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර කත බොක්කාවල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියක් බව හෙළිදරව් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles