පාසල් දින 02ක් වසා විභාග කල් දමයි

දකුණු පළාතේ පාසල්වල 02වන වාර විභාගය කල් දැමූ බව ප්‍රකාශ කොට තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා(09) සහ අඟහරුවාදා(10) වසා දැමීමට තීරණය කර තිබෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම් වාර්තා කරන්නේ.

වාර විභාග ලබන 12 වනදා ආරම්භ කිරීමටයි නියමිතව තිබුණ පසුබිමකයි පවතින අයහපත් කාලගුණයත් නිසා මෙම තීරණය ගෙන තිබෙන්නේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ද සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles