රු. 500ක් අල්ලස් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500ක අල්ලසක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර 4ක සිර දඬුවමක් නියම වුණු පුවතක් වාර්තා වෙනවා.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා මේ සැරයන්වරයා ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක අල්ලසක් ලබා ගෙන තිබෙනවා.

මේ ගැන විමර්ශනයකින් අනතුරුව සැරයන්වරයාට චෝදනා 4ක් යටතේ නඩු පවරා තිබෙනවා.

එකී චෝදනා 4ටම වැරදිකරු වූ පොලිස් සැරයන්වරයාට වසර 4ක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles