හෝස් හිල් මෝටර් රථ ධාවන ඇරඹෙයි

අවිස්සාවේල්ල තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේ දී පවත්වන ලද ‘තල්දූව හිල් ක්ලයිම්බ් 4×4’ ධාවන තරඟාවලියේ ප්‍රධානතම ඉසව්ව වූ එක්ස්ට්‍රීම් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දමිත් නිසංක සහ රවිඳු ධනංජය පසුගියදා සමත් වී තිබුණා.

ශ්‍රී ලංකාවේ ‘ඕෆ් රෝඩ්’ මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රමුඛතම සමාජයක් වන ‘ද ස්කෝපියන්’ සමාජය මඟින් සංවිධානය කළ මෙම තරඟාවලිය මෑතකදී ඉදිකිරීම් නිමා කරන ලද තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේ පවත්වන ලද පළමු තරගාවලියද වීම විශේෂත්වයකි.

මාර්තු 23 සහ 24 දෙදින පුරා පැවැති තරඟාවලියේ එක්ස්ට්‍රීම්, ස්ටෑන්ඩර්ඩ්, ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ් සහ ඒ.ටී.වී. යන කාණ්ඩ 4 යටතේ තරඟ පැවැත් වුණා.

තරඟාවලියේ කාණ්ඩ 4 සඳහා තරඟකරුවන් 45ක් සහභාගී වූ අතර 8 දෙනකු තරඟ වැදුණු එක්ස්ට්‍රීම් කාණ්ඩයේ දෙවන ස්ථානය වජිර දම්රන් සමඟන් සම්පත් රණසිංහ දිනාගත් අතර තෙවන ස්ථානය චමින්ද සහ හසිත ප්‍රනාන්දු දිනා ගත්තා.

‘ද ස්කෝපියන්’ සමාජය සංවිධානය කරන මීළඟ තරගාවලිය තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදීම අගෝස්තු මාසයේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි වත්මන් සභාපති පවර සජීව මාරසිංහ පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles