හිතට මිසයිල වැටෙන දවස

Harmony Center කලා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන නාට්‍ය ප්‍රදර්ශනයක් අප්‍රේල් 27 දින සවස 6.30ට නො. 561, සිරිමැදුර, ගංගාරාම පාර,වේරහැර, බොරලැස්ගමුව ලිපිනයේ පිහිටා ඇති එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහි දී රාජ්‍ය නාට්‍ය හා යොවුන් නාට්‍ය සම්මානලාභී නාට්‍යවේදී සචිත්‍ර රාහුබද්ධ විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානලාභී කෙටි නාට්‍ය හතරක ගොමුවක් “හිතට වැටුණු මිසයිල” නමින් ප්‍රදර්ශනය කෙරෙනවා.

මෙම ප්‍රදර්ශනය සිදු කරන්නේ ගාස්තු අය කිරීමකින් තොරව බවයි සඳහන් වන්නේ.

නාට්‍ය නැරඹීමට කැමති කෙනෙක් වෙතොත් 0752313405 හෝ 0753192028 අංක අමතා ආසනයක් වෙන් කරගෙන නොමිලේ මෙම නාට්‍ය හතර නැරඹීමට හැකියාව පවතින බවද සංවිධායකයන් පවසනවා.

Harmony Center කලා මධ්‍යස්ථානය පවත්වාගෙන No Names Collective සාමූහිකය විසින් වන අතර මෙම එකතුව විවිධ ශක්‍යතාවයන් ඇති විවිධ නිර්මාණශීලී දේ කිරීමට සමත් පුද්ගල කණ්ඩායමක එකතුවක්.

දැනුමින් සන්නද්ධ වූ, අධ්‍යාපනයෙන් ඌණ නොවූ පොහොසත් සමාජයක් නිර්මාණය කරගැනීම මෙහි අරමුණ බවයි ඔවුන් පවසන්නේ.

දැනුමින් පොහොසත් සමාජයක් රටක සහ ලෝකයේ ඉදිරිගාමීත්වය තීරණය කරනු ලබන ගාමක බලවේගයක් බවට විශ්වාස කරන බැවින් Harmony Center කලා මධ්‍යස්ථානය විසින් රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින්නේ සමාජය, සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් විවෘත සංවාදයන් සඳහා ඔවුන් සමඟ එකතු වන ලෙසයි.

ඒ සඳහා මේ වන විට විවිධ තේමාවන් ඔස්සේ මසකට වැඩසටහන් දෙක බැගින් වැඩසටහන් අටක් සංවිධානය කර තිබෙනවා.

ඒ අතුරින් සංගීතය සහ නර්තනය සම්බන්ධයෙන් වැඩසටහන් දෙකක් සහ නිර්මාණශීලී ආර්ථිකය සම්බන්ධ සාකච්ඡා සභාවක් පවත්වනු ලබනවා.

අප්‍රේල් මස 27 වන දින සවස 3.30ට “සමාජ වෙනසක් සඳහා කලාවේ බලපෑම” මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා සභාවක් පැවැත්වීමට නියමිත අතර, ඉන්පසු සවස 6.30ට නාට්‍ය ප්‍රදර්ශනය ඇරඹෙනවා.

මැයි මස 11 දින සමාජයේ කැපීපෙනෙන මාතෘකා දහයක් සම්බන්ධයෙන් පවත්වන කෝපි මේස සාකච්ඡාවක් ද (Human Library), මැයි 25 දින සිනමා ප්‍රදර්ශනයක් ද, ජුනි 08 කාව්‍යමය ඉදිරිපත් කිරීමක් සහ Stand-up Comedy ඉදිරිපත් කිරීමක් ද, ජුනි 23 මානසික යහපැවැත්ම සඳහා වන සංගීතමය වැඩසටහනක් (Healing Music) සහ අවසාන වශයෙන් ජුලි 06 දින ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) පැවැත්මට නියමිතයි.

මෙම වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට කැමති තරුණ තරුණියන් හට 0777268084, 07531922028, 0777371745 යන අංක වලට අමතා මෙම වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.

ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරන බවත් මෙහි දී සාකච්ඡා මණ්ඩප කිහිපයක් ද පැවැත්වීමට නියමිත බවත් සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි වැඩ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ඉහත අංක ඇමතීමෙන් හෝ Harmony Center by NoNames ෆේස්බුක් පිටුව Follow කිරීමෙන් දැනගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles