ෆවුසිට නොතීසි

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළා.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටිනවා.

විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී නොසිටිය අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවයි.

ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles