ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක් : තෙල් මිල වෙනස් වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙනවා.

සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසටයි.

එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස ද සටන් වෙනවා.

එසේම ජපානයේ, හොංකොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන් වෙනවා.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles